මේ ඔබේ නගරය
කදුළු ගග මැද මතුවුණු
සුරම්මය දුපත..
හැන්දැව අදුරු කඩමලු
රෙද්ද පොරවා
දවස නිදි කළ විට
ඉබේ දෑසින් ගැලු
කදුලු බිදු එක දෙක
කළු ගල් තලාවේ
නොරැදි බේරුණු
කඩිත්තක් වි නොදැනිම
ඔබ ගින්නෙන් පෙලු
යවුලෙන් අනින විට පපුවට
දෑසින් පැන්න කදුළැලි
විසිවි තැනින් තැන....
උතුරා කදුළැලි කඩිති
සිරවි රළු රැලි කදු අතර
හිදින්නට ඉඩක් නැතියෙන්
පහතට බේරිලා ගිය
නවාතැන් නැතියෙන්
නික්ම යන්නට සිදුවිය
මං හසර නොමදැන
ඒ නික්ම ගිය මග
නමින් නම් "ගගක්" විය..
මා හෙලු කදුළු ගග..
මගෙ කදුළු ගග මැද
බිදෙන් බිද හිස එසවු ඔබ
මා නැති කරන්නට
නිබදවම ගලායන..
ඔබ කදුළු ගග මැද
සුරම්මය දූපතක් විය..
ඔරු පාරු වෙන් තලමින්
මා සිරුර ඇන ඇන හි හබල්
බිදිමින් මගේ ඉල ඇට
නන් දෙසින් වස්තුව රැගෙන විත්
ඔබ හැදු අමර පුරවර
පාදම සිට කැණි මඩල තෙක්
මගේ කදුළැලි අන අන
සුරම්මය පුරවර
ප්‍රීති ගෝෂා කිංකිණි සැලෙන
සුළග ගග පිස හමා ගෙන
එහඩ මට ගෙනවිත් අසන්නට දෙන
ඔබෙ සුඛිත දුපත..
මට එන්නට නොහැකි
ඔබ මොට කඩුවකින් පලා
මගෙ දෙපය පැලු විවරය
ලුනු මිරිස් පුරවා ඇති
විස පොවා සුවවිම වලක්වා ඇති
ඒ කෙසේ වුව..
දිගු කලක් නොසෙල්වෙන සේ
යකඩ දම්වැල් වෙලු පය
නොසෙල්වි හිද
පණ මැරි කොරව ඇති
හත් පෙති මලේ
දෙපා පණ දෙන
අන්තිම දම්පාට පෙත්තද
දිනෙක ඔබ
නිස්කාරණේ කීතු කොට
විසිකර ඇති
මේ සියලු දේ මැද
මා හෙලු කදුළු ගග
ඔබ මා හරස් කොට ඇති
ඔබ කිසි දිනෙක
දුපතින් පිටව යන්නේ නැති
මේ ඔබේ දුපත
රැකවලට
වට කොට
දිය අගලක් කපා ඇති ...!!
..
Saturday, September 24, 2011
Tuesday, August 30, 2011
වැස්ස ..ඔබ එන්න
ඉතින් ඔබ එන්න..
මා තුරුලු කරගන්නට
යහන සාදා ඇත
තෙත බිදක්වත් නොහිටින්නට
ධුලි වත්සුණු ඉස ඇත
යහනත සිනිදුවෙන්නට..
ඉතින් ඔබ එන්න..
අස්වනු කපා ගෙට ගෙන
අස්වනු කපා ගෙට ගෙන
කහ පාට විල්ලුද ඇතිරිල්ල
කුඹුරෙහි එළා ඇත.
රන්වන් කහ පාට..!!
කුඹුරෙහි එළා ඇත.
රන්වන් කහ පාට..!!
හැන්දෑව..
පෙත්තකන්දෙන් එබෙන විට
දම් පාට ලොකු සාය ඇති
දිග ගවුම හැමතැන ඉහිරවාගෙන
නැහැදිච්චි තාලෙට
ළා නිල් තුනි බබා ගවුමේ
රවුම් වාටිය ගුලිකරන් අරගෙන
සුදු කදුළැලි පිහින
කුඹුරු මැද්දෑවේ
දිලිසෙන කදුරු ගස
මල් කදුලු එක දෙක
හිමිහිට නොපෙනානා විදිහට
බිම බලාගෙන බිම වක්කරන
මේ හැන්දැව....
පාළුව ගලාගෙන එන
හැම පැත්තෙන්ම
අහසින් පොළොවින් විතරක්ම නොවන
නන්නත්තාරවුනු සුළග
සාංකාවෙන් හුල්ලන.
පෙත්තකන්දෙන් එබෙන විට
දම් පාට ලොකු සාය ඇති
දිග ගවුම හැමතැන ඉහිරවාගෙන
නැහැදිච්චි තාලෙට
ළා නිල් තුනි බබා ගවුමේ
රවුම් වාටිය ගුලිකරන් අරගෙන
සුදු කදුළැලි පිහින
කුඹුරු මැද්දෑවේ
දිලිසෙන කදුරු ගස
මල් කදුලු එක දෙක
හිමිහිට නොපෙනානා විදිහට
බිම බලාගෙන බිම වක්කරන
මේ හැන්දැව....
පාළුව ගලාගෙන එන
හැම පැත්තෙන්ම
අහසින් පොළොවින් විතරක්ම නොවන
නන්නත්තාරවුනු සුළග
සාංකාවෙන් හුල්ලන.
දුක් වුනත් හැම එක්කෙනා
එකම ලෙස
හිත හදාගන්නට බැහැ
පාළුයි අඩන්නත් බැරිතරමටමට
ඔබ නැතිව..
ඉතින් ඔබ එන්න
බැ නොකියන්න
වෙන ගමන් ඇති බවනොකියන්න
මගෙ වැස්ස
ඔබ එන්න
නොවරදවාම මේ හවසට
හැන්දැව ගෙවෙන විට
කළුවර තැවරෙනා විට
හිරිකඩ හුළග අත
ඔබෙ සුවද පළමුව..
වට පිට හැමදේම
ඇහැට නොපෙන්න බොදකර
ඔබ ළග ඉන්න
ඔබ විතරක්ම ළග ඉන්න...!!
එකම ලෙස
හිත හදාගන්නට බැහැ
පාළුයි අඩන්නත් බැරිතරමටමට
ඔබ නැතිව..
ඉතින් ඔබ එන්න
බැ නොකියන්න
වෙන ගමන් ඇති බවනොකියන්න
මගෙ වැස්ස
ඔබ එන්න
නොවරදවාම මේ හවසට
හැන්දැව ගෙවෙන විට
කළුවර තැවරෙනා විට
හිරිකඩ හුළග අත
ඔබෙ සුවද පළමුව..
වට පිට හැමදේම
ඇහැට නොපෙන්න බොදකර
ඔබ ළග ඉන්න
ඔබ විතරක්ම ළග ඉන්න...!!
Monday, August 8, 2011
මං නැතිව ඔබ සතුටින්..
මං හිතුවෙ නෑ ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා මං නැතිව..ඒත් ඔබ සුතුටින්.මට හිතෙන විදිහට මං ඔබේ ළග ඉදිද්දිට වඩා ඔබ දැන් ඉන්නෙ සතුටින්.
කෙහෙමෙද ඔබ මං නැතිව ඉන්නෙ..
කොහොමද ඔබ මං නැතිව සතුටින් ඉන්නෙ..මට හිතා ගන්න බැහැ...
මං දකිනවා ඔබව..තාමත් ඔභ මාව නොදැක්කට..ඉස්සරට වඩා මල් පිපෙන රොබරෝසි ගස් යටින් ඔභ ඇවිද ගෙන යනවා.,හරිම සැහැල්ලුවෙන්.ඔබට හුගක් සැහැල්ලු ඇති මං දැන් නැති නිසා ඔබේ අතේ එල්ලිලා.
ඉස්සර ඔබ බලාගෙන ඉන්නවා මං එනකම් රොබරෝසි ගස් අතරින් .නොකා නොබි ඔභ මං එනකම් බලාගෙන ඉන්නවා.දාහක් වැඩ රාජකාරි පැත්තකින් තියලා ඔබ දවස පුරාම මාව ළගට කරගෙන ඉන්නවා.දවස පුරාම කිසිම තේරුමක් නැතිව.මගේ නන් දෙඩවිලි අහගෙන ඔබ දවසම මගේ ළගට වෙලා ඉන්නවා.
එහෙව් ඔබ මාව අත්හැරියෙ කෙහොමද..මං නැතිව ඉන්නෙ කොහොමද..මට තාමත් අදහා ගන්න බැහැ.ඇත්තටම කෙහොමද ඔබ මං නැතිව ඉන්නෙ ..මතක් වෙන්නැද්ද මාව.අහම්බෙන්වත් රොබරෝසි ගස් දිහාවට ඇස් හැරෙන කොට මං එයි කියලා හිතෙන්නැද්ද ඔයාට,නොඑන බව දන්නවා වුනත්..
මං හිතුවා දවසක් හරි ඔබ එයි කියලා මාව බලලා යන්න.ඔබට ඉස්සර නම් මාව නොදැකඉන්න බැහැ.ඔභ කෙහේ හරි දුරක ගියොත් ඉක්මනට දුවන් එනවා මාව දකින්න..
මං බලාගෙන ඉන්නවා...
ඔබ එන දිහා නෙමෙයි.
ඔබ එන දිහාට පිටුපාලා..
ආකාස වෙරළ පාමුලට වෙලා මං බලාගෙන ඉන්නවා.
හැපි හැපි විලාප දෙන තෙරක් නෙපෙනෙන සාගරය දිහා.
මං හිතුවෙ නෑ ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා මං නැතිව..ඒත් ඔබ සුතුටින්.මට හිතෙන විදිහට මං ඔබේ ළග ඉදිද්දිට වඩා ඔබ දැන් ඉන්නෙ සතුටින්.
කෙහෙමෙද ඔබ මං නැතිව ඉන්නෙ..
කොහොමද ඔබ මං නැතිව සතුටින් ඉන්නෙ..මට හිතා ගන්න බැහැ...
මං දකිනවා ඔබව..තාමත් ඔභ මාව නොදැක්කට..ඉස්සරට වඩා මල් පිපෙන රොබරෝසි ගස් යටින් ඔභ ඇවිද ගෙන යනවා.,හරිම සැහැල්ලුවෙන්.ඔබට හුගක් සැහැල්ලු ඇති මං දැන් නැති නිසා ඔබේ අතේ එල්ලිලා.
ඉස්සර ඔබ බලාගෙන ඉන්නවා මං එනකම් රොබරෝසි ගස් අතරින් .නොකා නොබි ඔභ මං එනකම් බලාගෙන ඉන්නවා.දාහක් වැඩ රාජකාරි පැත්තකින් තියලා ඔබ දවස පුරාම මාව ළගට කරගෙන ඉන්නවා.දවස පුරාම කිසිම තේරුමක් නැතිව.මගේ නන් දෙඩවිලි අහගෙන ඔබ දවසම මගේ ළගට වෙලා ඉන්නවා.
එහෙව් ඔබ මාව අත්හැරියෙ කෙහොමද..මං නැතිව ඉන්නෙ කොහොමද..මට තාමත් අදහා ගන්න බැහැ.ඇත්තටම කෙහොමද ඔබ මං නැතිව ඉන්නෙ ..මතක් වෙන්නැද්ද මාව.අහම්බෙන්වත් රොබරෝසි ගස් දිහාවට ඇස් හැරෙන කොට මං එයි කියලා හිතෙන්නැද්ද ඔයාට,නොඑන බව දන්නවා වුනත්..
මං හිතුවා දවසක් හරි ඔබ එයි කියලා මාව බලලා යන්න.ඔබට ඉස්සර නම් මාව නොදැකඉන්න බැහැ.ඔභ කෙහේ හරි දුරක ගියොත් ඉක්මනට දුවන් එනවා මාව දකින්න..
මං බලාගෙන ඉන්නවා...
ඔබ එන දිහා නෙමෙයි.
ඔබ එන දිහාට පිටුපාලා..
ආකාස වෙරළ පාමුලට වෙලා මං බලාගෙන ඉන්නවා.
හැපි හැපි විලාප දෙන තෙරක් නෙපෙනෙන සාගරය දිහා.
Wednesday, August 3, 2011
Tuesday, August 2, 2011
Monday, August 1, 2011
Sunday, July 31, 2011
Saturday, July 30, 2011
Friday, July 29, 2011
මේ අන්තිම දවස්..
මම දන්නවා..
ඔබ මගේ ළග දැවටෙන
යන්නට හිත හදාගෙන
එක්වර අතැර
යන්නට නොහැකියෙන්
ටිකින් ටික මග හැර යන
මේ අන්තිම දවස්
ඔබ මගේ ළග දැවටෙන
"....මම දන්නවා නොදන්නවා වගේ හිටියට..ඔයා මාව මග අරිමින් ඉන්නේ..හුගාක් දුරට යන්න..
මගේ අත අත්හැරලා..මට නොපේන ලෝකෙකට..මට එන්න බැරි ලෝකෙකට.."
දේදුන්න ඔබ..
ගිනිගත් වෙහෙසකර ජීවිතේ
අසනි වැස්සට
සේදි යන්න
මොහොතකට පෙර
නන් පාට තැවරුව..
මම දන්නවා..
ඔබ මගේ ළග දැවටෙන
යන්නට හිත හදාගෙන
එක්වර අතැර
යන්නට නොහැකියෙන්
ටිකින් ටික මග හැර යන
මේ අන්තිම දවස්
ඔබ මගේ ළග දැවටෙන
"....මම දන්නවා නොදන්නවා වගේ හිටියට..ඔයා මාව මග අරිමින් ඉන්නේ..හුගාක් දුරට යන්න..
මගේ අත අත්හැරලා..මට නොපේන ලෝකෙකට..මට එන්න බැරි ලෝකෙකට.."
දේදුන්න ඔබ..
ගිනිගත් වෙහෙසකර ජීවිතේ
අසනි වැස්සට
සේදි යන්න
මොහොතකට පෙර
නන් පාට තැවරුව..
Thursday, July 28, 2011
ඉතා පැරණිය..
මේ කවිය..
ඉතා පැරණිය
දස දහස්වර ලියා ඇත..
සියවස් ගණනක්ම..
ලියන්නට අළුතින් දෙයක් නැත..
නොලියා සිටිය නොහැකිය
නොසිතා සිටිය නොහැකිය.
එක කවිය...
සිය සිය දහස්වර..
සිතින් මුමුණන විට
නොලියා සිටිනු හැකිවෙද..
ඔබ.. නිහඩ සිත
නිහඩ බව බිද ඇත..
ඔබ.. ගොළුවු දෙතොල්මත
දහසක් වදන් තවරයි..
මම
නාදුනන දෙනෝදාහක් මැද
මාද නොදන්නා බසකින්
ගියක් මුමුණමින්
මං මාවත් දිගේ ඇවිදිමි..
සියළු මං කෙළවර
වනන්තරයට පිවිසෙමි..
තුරු ලතා අතරින්
රන් ඉරු රැසක් පැන එයි..
ඒ..ඔබ..
නුහුරු මල් සුවදක් අරන්
සුළගක් කොපුල දැවටෙයි..
ඒ..ඔබ..
පයට පැගෙන පරඩැල් අතර
කුරුලු පියපතක් නැලවෙයි..
ඒ ඔබ..
දියත්තක පෙණ පිඩු අතර
පාට මල් පෙති පාවයයි
ඒ ඔබ..
සැදෑ මිදුම..
හාත්පස..දම්පාට අතුරයි
ඒ ඔබ..!!
මගේ සිහිනය...!!
මේ කවිය..
ඉතා පැරණිය
දස දහස්වර ලියා ඇත..
සියවස් ගණනක්ම..
ලියන්නට අළුතින් දෙයක් නැත..
ඒත් ලියනෙමි..
ඔබ..
පේමයේ කවිය..
සිය සිය දහස්වර
මා ලවා ලියවයි...
ඉතා පැරණිය
දස දහස්වර ලියා ඇත..
සියවස් ගණනක්ම..
ලියන්නට අළුතින් දෙයක් නැත..
නොලියා සිටිය නොහැකිය
නොසිතා සිටිය නොහැකිය.
එක කවිය...
සිය සිය දහස්වර..
සිතින් මුමුණන විට
නොලියා සිටිනු හැකිවෙද..
ඔබ.. නිහඩ සිත
නිහඩ බව බිද ඇත..
ඔබ.. ගොළුවු දෙතොල්මත
දහසක් වදන් තවරයි..
මම
නාදුනන දෙනෝදාහක් මැද
මාද නොදන්නා බසකින්
ගියක් මුමුණමින්
මං මාවත් දිගේ ඇවිදිමි..
සියළු මං කෙළවර
වනන්තරයට පිවිසෙමි..
තුරු ලතා අතරින්
රන් ඉරු රැසක් පැන එයි..
ඒ..ඔබ..
නුහුරු මල් සුවදක් අරන්
සුළගක් කොපුල දැවටෙයි..
ඒ..ඔබ..
පයට පැගෙන පරඩැල් අතර
කුරුලු පියපතක් නැලවෙයි..
ඒ ඔබ..
දියත්තක පෙණ පිඩු අතර
පාට මල් පෙති පාවයයි
ඒ ඔබ..
සැදෑ මිදුම..
හාත්පස..දම්පාට අතුරයි
ඒ ඔබ..!!
මගේ සිහිනය...!!
මේ කවිය..
ඉතා පැරණිය
දස දහස්වර ලියා ඇත..
සියවස් ගණනක්ම..
ලියන්නට අළුතින් දෙයක් නැත..
ඒත් ලියනෙමි..
ඔබ..
පේමයේ කවිය..
සිය සිය දහස්වර
මා ලවා ලියවයි...
Wednesday, July 27, 2011
ඔබ..
හිත..
දම්පාට වළාකුලු අතරින්
රිංගා ඉගිල එන...
දෝතපා සද එළිය ගෙන
කොපුලත දොවාගෙන එන.
පාට තරු මල් පොඩිති
දෝතක් නෙළාගෙන එන..
ඔබ..
දවසකදි පාළු අහසේ
අතුරා ගිය වළාකුළු..
පෙරළි පෙරළි රිසිසේ
වැතිරී දකින සිහිනේ..
ඔබ..
දවසකදි වියළි අහසේ
තනා ගිය සුදු සද විල
කිමිදෙමින් සතොසේ
සිනා රළ රැළි විසිරේ..
ඔබ
දවසකදි අදුරු අහසේ
අතුරලා ගිය මල් පොඩි
සුවද විද විද සිතුසේ
ඔබ ළගින් අතුරනෙමි රහසේ..
හිත..
ඔබ දුන්නු
පෙම්වත් සිහිනයේ කිමිදෙන..!!
ඔබ..
මගේ සිහිනයේ
දම්පාට අතුරන..!!
දම්පාට වළාකුලු අතරින්
රිංගා ඉගිල එන...
දෝතපා සද එළිය ගෙන
කොපුලත දොවාගෙන එන.
පාට තරු මල් පොඩිති
දෝතක් නෙළාගෙන එන..
ඔබ..
දවසකදි පාළු අහසේ
අතුරා ගිය වළාකුළු..
පෙරළි පෙරළි රිසිසේ
වැතිරී දකින සිහිනේ..
ඔබ..
දවසකදි වියළි අහසේ
තනා ගිය සුදු සද විල
කිමිදෙමින් සතොසේ
සිනා රළ රැළි විසිරේ..
ඔබ
දවසකදි අදුරු අහසේ
අතුරලා ගිය මල් පොඩි
සුවද විද විද සිතුසේ
ඔබ ළගින් අතුරනෙමි රහසේ..
හිත..
ඔබ දුන්නු
පෙම්වත් සිහිනයේ කිමිදෙන..!!
ඔබ..
මගේ සිහිනයේ
දම්පාට අතුරන..!!
Tuesday, July 26, 2011
Subscribe to:
Comments (Atom)

