Sunday, July 31, 2011

මම ආසයි ..
දැවටෙන්න ඔයා ළග..
සුළගක් වගේ
අවුල්කර හිස
දුවන්නට ඈතට..

මම ආසයි
ඉගිලෙන්න ඔයා ළග
පියපත් වලින්
ඔයා මට දුන්නු..
ඔයා මට දුන් පියාපත්..

මම ආසයි
කැරකෙන්න ඔයා ළග
ඇස් ඉදිරිපිට
සුළගේ නටන
පුලුන් බින්දක් වගේ..

මම ආසයි
වල්මත්වෙන්න ඔයා ළග
සිහි නැතිකරගන්න
මලක් තුල සිරවු
පුංචි කුරුමිණියෙක් වගේ

No comments:

Post a Comment